බලාගෙන පරිස්සමෙන් !

නිවසටම පැමිණ පරිගණක අලුත්වැඩියාව ! ඔබේ පරිගණකය නිවස තුලදීම සාධාරණ මුදලකට විශ්වසනීය ලෙස අලුත්වැඩියා කර ගැනීමට අපව අමතන්න.

ඔබත් මෙවැනි වෙළද දැන්වීම් කියවා නොදන්නා පුද්ගලයන්ගෙන් තාක්ෂණික සහය පතනවාද? මොහොතක් සිතන්න, ඔබ මේ අත වනන්නේ ඔබගේ ජීවිතයේ අසුන්දරම අත්දැකීම ලබාගැනීමට විය හැකි. ඒ නිසා ඔබ පරිස්සම් විය යුතු කරුණු කිහිපයක් ගැන සැලකිලිමත්වන්න.

  1. ඔබ සහය ලබාගන්න පුද්ගලයාගේ දුරකථන අංකයට දුරකථන පණිවිඩය ලබා ගන්න මුල් අවස්ථාවේම ඔහුගේ සියලු විස්තර, එනම් නම, ගම, ඔහු කරන රැකියාව ආදිය දැන ගන්න.
  2. ඔහු ඔබ හා කතා කිරීමේදී ඔබට සලකන ආකාරය, එනම් ඔහු ඔබ වෙත දක්වන ගෞරවය, ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය අධ්‍යනය කරන්න.
  3. ඔහු විසින් සේවාව සදහා ලබාගන්න මුදල පිළිබද පැහැදිලි අවබෝධයක් ලබාගන්න.  නැතිනම් ඔහු සිත් සේ ඔබේ මුදල් අය කරගන්නවා ඇති.
  4. ඔහු විසින් සේවාව ලබාදුන් අය ගැන කෙටි විස්තරයක් සහ, ඔහුගේ පළපුරුද්ද ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න.

මේ සියල්ල සලකා බලා ඔබට ඔහු ගැන යම් විශ්වාසයක් ඇති වී නම් පමණක් ඔහුගේ සේවාව ලබාගන්න. එසේ නැතිනම් වෙනත් කෙනෙකුගේ සේවාව ලබාගන්න. මක්නිසාදයත් නොදන්නා ආගන්තුකයෙක් ඔබේ නිවසට ගෙන්වා ගැනීම ඉතා භයානක විය හැකිය.

  1. ඔහු ඔබේ නිවස තුලට පැමිණ නිවසේ අභ්‍යන්තරය හොදින් අවබෝධ කරගැනීම. පවුල් පරිසරය ගැන විස්තර දැන ගැනීම. මුදල්, සහ වටිනා උපකරණ තබා ඇති තැන් දැන ගැනීම.
  2. ඔහු ඔබේ ආදරණිය බිරිඳ, දරුවන් සමග මිත්‍ර වීම නිසා අභ්‍යන්තර ප්‍රශ්න ඇති වීම.

මොහොතක් සිතන්න, ප්‍රමාදවී හෝ විශ්වසවන්තයෙකුගෙන් සහය ලබා, සිදුවිය හැකි විනාශයකින් ආරක්ෂා වන්න…

විශ්වසනීය පරිගණක සේවාවන් සඳහා විමසන්න (Click Here)

 

One comment on “බලාගෙන පරිස්සමෙන් !

  1. avatarIndika on said:

    mokakda yako me passward keliya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>